Thursday, April 28, 2016

හිත ගින්නකින් දැවේ.....යළි ඇරඹුමක් නොවේ.....

 
මාස හත අටකින් මෙලෝ අටමගලක් ලියා ගන්න බැරි වුණා අමාරුවෙන් හදා ගත්ත වැව් ඉස්මත්තෙ....මක්ක කියල කොරන්ටද ඉතිං.. අනිත් ඈයන්ට වගේම තමා මේ ඈයටත් ගජරාමෙට වැඩ කෝටියක් තිබුණා අහවර කොරන්ට....වැඩේ කියන්නෙ මාස හය හතක්ම ඔය වැඩ ටිකට ඇදිලා පැදිලා ගියා . තව දෑවුරුද්දකින්  වැඩිමනක් තුනකින් විතර ඕනෙමනං මාස දෙකක  වැඩ ටිකකට විතර වැව් ඉස්මත්ත මගාරින්න වෙයි. හැබැයි ඉතිං ඔය සමහරක් උදවිය වගේ කන්න තුනේමනං ඉතිං වැව් ඉස්මත්තට වෙලා ඉන්ඩ බැරි වේවි...මොකෝ මේ දවස්වල පායන පෑවිල්ලට ඔළු ගෙඩි කරකුට්ටං වෙලා යනවා...සතා සීපාවට වතුර නැතිව වැව් ඉස්මත්තෙන් පැනල වැවට පැනල දිය බුං ගහනව...ඔය අස්සෙ පනල්ලෙ මම හිටපු දොහොක මගේ පැල් කොටෙත් පොඩි කොරාන මහ ඒජන්ත උන්නාන්සෙ ගාටව්වොත් එහෙම ඕක දිහෑ බලං හිටපු හොර හතුරෙක් ඇවිත් මගේ පැල්කොටේ ලගින්න බැරි කමකුත් නෑ ඕං....මේ ලගදි විදානෙ ඇත්තොත් ඇවිත් හාමිනාට මතක් කොරාල ගිහිං හනික ඇවිත් කුඹුරු කෑල්ල කොටා දාන්ටය කියල...නැත්තං උන්දැම ඇවිත් කොටල දාන්නං කියලත් කිව්වලු අපරාදෙ කුඹූරු කෑල්ල පුරං වේවිය කියල.  එදාම හවස් ජාමෙ උන්දැගෙ ගෙදර ගොහිං පහදල දුන්න උන්දැට උඹට මතකද විදානෙයෝ පුරං වෙලා තිබ්බ උඹේ කෑල්ලට කල එළියක් අරං දුන්නෙ කවුද කියල....ඔය හිටියෙ උන්දෑ කටයි පුකයි දෙකම වහගෙන.....
බොග දාන එකත් මේ දවස් වලනං හිතාගන්නවත් බෑ.....උදේ අට පහුවෙච්චි ගමන් ආය හවස පහ විතර වෙනකං ශරීර කූඩුව සම්පූරණයෙන් දාඩියෙන් පිරීතිලා...කන්ඩ බත් පිගාන අතට ගත්තු වෙලේ ඉදන්
බොග දාන මොහොත වෙනකම්ම දාඩිය. හප්පේ දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ....
ඔන්න ඔහොම කියනකොට පුංචි කවියක් මතක් වුණා...ඒකත් ඉතිං මම්ම ලියපු අවිදග්ධ කවි පද හතරක්..දුප්පත් ස්තිරි රත්නයක් ගැන ලියපු...

දහදිය පිරී දිව රෑ උතුරා යන්නේ
දෙවියනි සියොලගම ගින්දරමයි එන්නේ
තුන් වේලටම  අපි  එක වේලයි කන්නේ
බැරි උහුලන්න වැදු දරුවන් බඩගින්නේ

හේන් ගොවිතැන් සියල්ල විනාශ වෙලා. අඩුම තරමේ කුළියකට යන්නවත් මේ ඇත්තිට හැකියාවක් නැති හැටි පොලෝ මහී කාන්තාව විතරක් නෙමේ, හිරු දෙයියනුත් දුප්පත් අපිට විරුද්ද වෙලා....ඕං

ඒ කොහොමින් හරි  දැන්තමා ඒකත් සිහියට ආවේ..ඇයි යකෝ මේ අවුරුද්ද ආරම්භ වුණත් හරි එක බොගක්වත් තාම දාල නැහැයි කියපංකො.......ඒත් කමක් නෑ අවුරුදු ගාණක්  ආසාවට අකුරක් නොලියාපු මං මේම හරි ලියන එක ගැන  සතුටු වෙනවා....

අර කාන්තාව ගැන මට පුංචි දුකකුත් නොආවා නෙවේ....සැමියෙක් නැති ගමන් තනි මග කිමද නගෝ කියල  ඒ දවස් වල ජන කවියෙක් ඇසුවාලු...අපි ගැන කුමට කතාවෙනවද ඉතිං මේ සරුවපිත්තල ලෝකෙ...

නැත පෙර නිමිත්තත් වැස්සක වළාවක
මෙතරම් කිමද දිවියම මගෙ අමාවක
සිතමින් කදුළු සළමින් ගිනි තලාවක
රෂ්මිය විදී ඇය හිද හුද කලාවක

වෙලාව ඉවරයි....වෙලාව ඉවරයි......